
එම වෙරලතිරයේ 1 x 1 ½ කිලෝමීටර් ප්‍රමාණයේ වෙරළ තීරයක් මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම සතු වන අතර මෙම නිරුවත් වෙරළ තිරයද යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනි.
මෙහි ප්‍රධාන අරමුණ ලෙස එම සමාගම දක්වන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම යනුවෙනි.

කළුතර වෙරළ තිරය සංචාරක පුරවරයක් ලෙස නම් කිරීමෙන් පසුව එහි වෙරළාශ්‍රිත නීතිවිරෝධී කඩ කාමාර හා නිවාස ඉවත් කිරීමට සැලසුම් කොට තිබෙනවා.
නිරුවත් වෙරළ තිර කලාපයන් විදේශයන්හි දක්නට ලැබෙන අතර එම වෙරළ තීරයන්හි පවුල් පිටින් පැමිණ නිරුවත්ව මුහුදු වෙරළේ ගත කිරීම විදේශයන්හි සුලබ දසුනකි.