Monday, January 30, 2012

මම කැමති නෑ වෙන කෙනෙක් අමාරුවේ දාන්න- අනර්කලී

අපිට ආසයි ඔයා බැඳලා ඉන්නවා දකින්න

අනර්කලී ආකර්ෂා කිසිදිනක විවාහ නොවන බව යලිත් පවසා තිබෙනවා.

පසුගියදා ස්වර්ණවාහිනියේ අනර්කලී ලයිව් වැඩසටහනට කතා කළ තැනැත්තියක් "අනර්කලී ඔයා මැරි කරන්න අනේ, අපිට ආසයි බලන්න " කියා ඇසුවා.

එවිට පිළිතුරු ලෙස අනර්කලී පැවසුවේ "මම කැමති නැ වෙන කෙනෙක්ව අමාරුවේ දාන්නවත් මාවත් අමාරුවේ දාන්නවත්. ඒ හින්දා මම කසාද බදින්නේ නැ" කියාය.


රසිකාවිය: ඉතිං ඉතිං ඔයා දැන් ලස්සනයි අනේ...
අනර්කලී: අනේ...බොහොම ස්තූතියි!
රසිකාවිය: ඔයා ලඟදී මැරි කරන්නේ නැද්ද?
අනර්කලී: ලඟදි මැරි කරනෙනේ නැද්ද...නෑ. කිසිම බලාපොරොත්තුවක් නෑ කසාද බඳින්න.
රසිකාවිය: අපි භාවනා පත්තරේ බලනකොට ඒකේ තිබුනනේ ඔයා ලඟදී මැරි කරනවා කියලා.
අනර්කලී: හා..තිබුණ..? මම කියලා ඇත්තේ මැරි කරන්නේ නෑ කියලා. බොරු කියන්න එපා.
රසිකාවිය: ඒ වුනාට මැරි කරන්න අනේ. අපිටත් ආසයි බලන්න.
අනර්කලී: මම අනන්ත අප්‍රමාණව බ්‍රයිඩල් පින්තූර වලට පෙනී සිටලා තියනවා. ඒ නිසා ඔබට මාව මනමාලියක් විදිහට දකින්න පුළුන්. මම කැමති නෑ වෙන කෙනෙක් අමාරුවේ දාන්නවත්...මාවත් අමාරුවේ දානන්වත් ඒකයි.

 එහි වීඩියෝව පහතින්




මීට පෙර ටීවී දෙරණ හී වැඩසටහනකටද සහභාගී වූ අනර්කලී කසාඳ නොබදින බව පැවසුවා.

ඊටත් වසරකට පමණ පෙර ඇය විසින් පැවසුවේ "දැන්ම විවාහ වෙන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. යුද්ධය දිනලා රට සංවර්ධනය කරා යන ගමනේදී රටේ යොවුන් පිරිසට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. රටේ සංවර්ධනය පිළිබඳව ඒකට මමත් කැපවෙලයි ඉන්නේ" ඒ නිසා රට සංවර්ධනය වනතුරු බඳින්නේ නැති බවයි. නමුත් දැන් ඇය පවසන්නේ කිසිදා නොබඳින බවයි.


-සම්බන්ඳිත පුවත්-
රත්තරනේ මම කසාද බඳින්නේ නැහැ - අනර්කලී
පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් දේශපාලනයට නොපැමිණි අනර්කලී
රටේ සංවර්ධනය වෙනුවෙන් අනර්කලී විවාහය පමා කරයි


Related Posts Plugin for WordPress, Blogger...