Friday, December 28, 2012

වසර දහස් ගණනකට පෙර නියං කාලයේ ගොඩබිම වැවූ "ස්වයංජාත" වී

ලංකාව යනු නිතර වෙනස්වන කාලගුණික තත්ත්වයන් සහිත රටක් වන නිසා දිගු නියං කාලයන් වලදී වගාවන්ගෙන් අස්වනු ලබාගැනීම දුෂ්කරය.

නමුත් වසර දහස් ගානකට පෙර භාවිතා වූ "ස්වයංජාත" ලෙස හඳුන්වන වී වර්ගයෙන් වියලි නියං තත්ත්වයකදී වුවද අස්වනු ලබාගත හැකිය.

මෙම වී විශේෂය වගා කිරීමට කුඹුරක්ම අවශ්‍යය නොවේ. ගොඩබිමක හෝ වගා කළ හැක.


නියං සමයක අවම ජල පරිභෝජනයෙන් ආහාර නිෂ්පාදනය කළ හැක්කේ කෙසේද? යන්න පිළිබඳව හම්බන්තොට, අනුරාධපුරය, තන්තිරිමලේ ප‍්‍රදේශයන් ආශි‍්‍රතව සිදුකළ පර්යේෂණයක දී ශී‍්‍ර ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්වූ ආචාර්ය පි‍්‍රයන්ත යාපා මහතාට තන්තිරිමලේ ප්‍රදේශයේදී කාන්තාවක් විසින් වී ඇට 24 ක් ලබාදී තිබේ.

එම කාන්තාවට වැඩිහිටි ගොවියෙක්ගෙන් පුරාවිද්‍යා කැණීමකදී එම ධාන්‍ය ඇට ලැබී තිබුණු බව පැවසුනද ගොවීන් විසින් කරන පුරාවිද්‍යා කැනීමක් නොමැති නිසා ඒවා නිධානයකින් ලබාගත් ඒවා විය හැකිය.

ගොයම් ගස අඩි 10ක් පමණ උසට වැඩෙන "ස්වයංජාත" නමින් හඳුවන මෙම වී වර්ගය දැනට ලංකාවේ පවතින්නේ ප‍්‍රදේශ තුනක පමණක් වන අතර එම ප‍්‍රදේශවල පවතින වියළි දේශගුණික තත්ත්වය අනුව වැඩෙමින් උස තීරණය වේ.

ඉදල් ඉරිඟු ශාඛයක ස්වභාවය ගන්නා මෙම වී විශේෂය ඉදල් ඉරිඟු ගසක් මෙන් තනි ගසක් නොව පඳුරකි. පත‍්‍ර ඉරිඟු කොළයක හැඩය ගන්නා නමුදු එතරම් පළල් නොවන අතර සිහින් දිගැටිය. අනෙක් විශේෂත්වය නම් සාමාන්‍ය ගොයම් ගසකට වඩා මෙය අඩි 09 ක් තරම් උසට වැඩේ

ඒ අනුව කෑගල්ලේ අඩි 09ක්ද, බෙලිහුල්ඔය දී එය අඩි 09ක්ද, කොළඹගෙආරේ දී අඩි07ක්ද උසකින් ඒවා වැඩේ. මේ පිළිබඳව ආචාර්ය පි‍්‍රයන්ත යාපා මහතා පවසන්නේ මෙවැන්නක්.

"මා තන්තිරිමලේල හම්බන්තොට ආශි‍්‍රත ප‍්‍රදේශයේ පර්යේෂණ කටයුත්තක නියැලූනා. ඒ ඉතා දැඩි නියඟ කාලයක්. බොන්නවත් වතුර නැති කාලෙක වගා කළ හැකි බවභෝග මොනවාද යන්න ගැනයි පර්යේෂණය සිදු කළේ. එහෙම වැඩ කරද්දී එක් කාන්තාවක් මට ඉපැරැණි වී ඇට කීපයක් ගෙනැවිත් දුන්නා.

ඇයට වැඩිහිටි ගොවියෙක්ගෙන් පුරාවිද්‍යා කැණීමකදී ඒවා ලැබී තිබුණු බවයි කීවේ. ඒ ගැන ලිඛිත සාක්ෂි තිබුණෙත් නැහැ. මා අන්තර්ජාලයෙන් සොයා බැලූවත් කිසිම තොරතුරක් ලබා ගැනිමට හැකි වුණේ නැහැ. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව හැදෑරූ ගුණතිලක නම් මහත්මයෙක්ගෙන් මේ ගැන මා විමසීම් කළා. ඔහු පැවසුවා පුරාවිද්‍යා කැණීම්වලින් මෙවැනි ධාන්‍ය හමුවු බව.

සබරගමුව විශ්ව විද්‍යාලයට පැමිණි ආචාර්ය ශිරාන් දැරනියගල මහතා සමග දිනක් මට කතා කරන්නට ලැබුණා. එහි දී ඔහු කීවා හෝටන්තැන්නේ කැණීම්වලදී අවුරුදු දහස් ගණනක් පැරැණි හමුවූ බව. මේ වී විශේෂය තියෙන්නේ රාජාංගණයේ හා තන්තිරිමලේ පමණයි.

වී ඇට 24 ක් කියන්නේ පර්යේෂණයකට ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් නොවෙයි. සීමිත ඇට ප‍්‍රමාණයකින් එවැනි පර්යේෂණ කළ නොහැකියි. එම බීජ කෑගල්ලල බෙලිහුල්ඔය හා කොළඹගෙආර ප‍්‍රදේශවල පැළ කිරීමට කටයුතු කළා. එහෙම කිරීමට හේතු වුණේ එක පළාතක අසාර්ථක වුණොත් කියන බය නිසයි.

ඒත් පුදුමයි. එක ඇටයක් හැරෙන්නට අන් සියලූ ඇට පැළ වෙලා තිබුණා. බොහෝ බීජවල උපරිම ප‍්‍රරෝහණය පවතින්නේ 80%ක් පමණයි. සමහර බීජවල 10% ක් විය හැකියි. ඒත් මෙම වී විශේෂය ඉතා ඉහළ ම ප‍්‍රරෝහණයක් පෙන්නුම් කළා. මෙම විශේෂයට ඉහළ දැරීමේ හැකියාවක් තියන බව ඔප්පු වුණා. මෙහි විශේෂත්වය නම් නියඟයට ඔරොත්තු දීමයි.

කිසිම රසායනික පොහොරක් මෙම වී පඳුරට එක්කොට නැහැ. ඒ වගේම කිසිම රසායනික පළිබෝධ නාශකයක් යොදා නැහැ. එළු පොහොර ටිකක් පමණක් එක්කළා. කෘමි හානි ශාඛයට තිබුණේ නැහැ. සාමාන්‍ය ගොයමට මැක්කන්ගෙන් දැඩි හානි තිබුණත් මෙම විශේෂයට එවැනි බලපෑමක් තිබුණේ නැහැ.

පත‍්‍රවලට සුලූ බලපෑමක් තිබුණා මැක්කන්ගෙන්. ඒත් එය ශාඛයට දැනෙන තරම් හානියක් නෑ. ඊට ගඳපාන, කොහොඹ හා කළුවැල් කොල ඉස්ම එක් කළා. නිරෝගීකමින් ද ඉතා ඉහළ මට්ටමේ වී ප‍්‍රභේදයක්.

වී ඇට අත්ලට ගෙන පිරිමැද්ද විට පොත්ත ඉතා පහසුවෙන් ඉවත් වීමත් මෙහි විශේෂ ලක්ෂණයක්. පොත්ත තද හා කෙටීමට වෙහෙස ගත යුතු නැත. එමෙන්ම රක්ත වර්ණ මා වී විශේෂයක් වන අතර බීජ සිටුවා අස්වැන්න නෙලීමට මාස 06 ක් ගතවේ."

ප‍්‍රදේශ තුනක සිටුවා ඇති මෙම වී විශේෂය එම ප‍්‍රදේශවල පවතින වියළි දේශගුණික තත්ත්වය අනුව වැඩෙමින් උස තීරණයවේ. කෑගල්ලේ අඩි 09 කට වැඩි උසකින්දල බෙලිහුල්ඔය දී එය අඩි 09ට ආසන්න උසකින්දල කොළඹගෙආරේ දී අඩි07ට ආසන්න උසකින් මෙම වී ගස් වැඩී තිබේ

තන්තිරිමලේ ගොවියන් මෙම වී ප‍්‍රභේදය හඳුන්වා ඇත්තේ 'ස්වයංජාත’ යන නමින් වන අතර ඉන් අදහස් වන්නේ ඉබේ ජනිතවු වැනි අදහසකි.

ආදි කාලේ අපේ රටේ දැන් වගේ පිටරටින් ආහාර ගෙන්වූයේ නැහැ. ස්වාභාවික විපතකදීල අසාමාන්‍ය නියඟයකදී ආහාර නිපදවා ගන්න තිබුණ ආරක්ෂිත ක‍්‍රමයක් කියලයි මට හිතෙන්නේ. ආරක්ෂාකාරීව තැන්පත් කළේ නම් අවුරුදු දහස් ගණනකට පසු වුවද එම බීජ පැළ වීම සිදුවෙනවා.

අනෙක මේ දේත් කිව යුතුයි. ලංකාවට පැහැදිලිවම නියඟය කියන එක එන්න එන්නම වැඩිවෙනවා. ගිය වසරට වඩා මේ වසරේ නියං සමය දිගයි. මේ ආකාරයෙන් දේශගුණික තත්ත්වයන් වෙනස් වෙනවා. එනිසා නියං සමයට ඔරොත්තු දෙන බෝග වගා කිරීමට සිදුවන කාලයක් ඉදිරියට එනවා.
"


No comments:

Post a Comment