Monday, January 30, 2012

විජය නන්දසිරිගේ දියණිය විවාහ වෙයි

ප්‍රවීණ නළු විජය නන්දසිරි හා රංගන ශිල්පිනී දේවිකා මිහිරානි යුවළගේ දියණිය වන නවංජනා සිය පෙම්වතා වූ චමින්ද සමඟ පසුගියදා විවාහ වුණා. 

විවාහ මංගල්‍යය කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගී වූ අතර මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය.

එම මංගල්‍යයේ ජායාරූප කීපයක් පහතින්.

අතක්‌ අහිමි රියදුරු බර්නාඩ්ගේ කතාව

මිනුවන්ගොඩ සිට කොළඹ පිහිටි ප්‍රධාන කාන්තා විදුහල්වලට ශිෂ්‍යාවන් රැගෙන ගිය අතක්‌ අහිමි පාසල් වෑන් රථ රියෑදුරෙකු පසුගියදා අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා.

නමින් බර්නාඩ් වන ඔහු 62 හැවිරිදි රියදුරෙක්. අතක් අහිමි වුවද වසර 20ක කාලයක්‌ තිස්‌සේ තනි අතින් සුක්‌කානම හසුරුවා ඇති අතර මේ වනතුරු කිසිම රථවාහන නීතියක් උල්ලංගනය කර පොලිසියෙන් වරදකරු වී නැති බවයි ඔහු පවසන්නේ.

සවුදි අරාබියේ සේවය කරන කාලයේ යන්ත්‍රයකට හසුවී තමාගේ අත කපාදැමීමට සිදුවූ අතර බර්නාඩ්ගේ එකම පුතාගේද මීට වසර 3කට පමණ පෙර කකුල කපා දමා තිබෙනවා.

අත පය හොඳට ඇති රියදුරෙක් විසින් හප්පපු නිසා එය සිදුවූ බවයි බර්නාඩ් පවසන්නේ. එබැවින් පවුලට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමිවී ගොස් තිබෙනවා.

මම කැමති නෑ වෙන කෙනෙක් අමාරුවේ දාන්න- අනර්කලී

අපිට ආසයි ඔයා බැඳලා ඉන්නවා දකින්න

අනර්කලී ආකර්ෂා කිසිදිනක විවාහ නොවන බව යලිත් පවසා තිබෙනවා.

පසුගියදා ස්වර්ණවාහිනියේ අනර්කලී ලයිව් වැඩසටහනට කතා කළ තැනැත්තියක් "අනර්කලී ඔයා මැරි කරන්න අනේ, අපිට ආසයි බලන්න " කියා ඇසුවා.

එවිට පිළිතුරු ලෙස අනර්කලී පැවසුවේ "මම කැමති නැ වෙන කෙනෙක්ව අමාරුවේ දාන්නවත් මාවත් අමාරුවේ දාන්නවත්. ඒ හින්දා මම කසාද බදින්නේ නැ" කියාය.

ජනපති රන්වැට පූජා කරද්දී සෝමාවතියේ රැස් විහිදිලා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය අබියස බෝධීන් වහන්සේට ආරක්ෂිත රන්වැට පූජාකරන අවස්ථාවේ සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ චෛත්‍යය දෙසින් බුද්ධ රශ්මි මාලාවන් විහිදෙන්නට වූ බව අද දිනමිණ පුවත්පත පවසනවා.

වෙනත් පුවත්පත් රන් වැට පූජා කිරීම වාර්තා කළද එම පුවත් වල බුද්ධ රශ්මි මාලාවන් විහිදීමක් සඳහන් වෙන්නේ නැහැ. පහත දැක්වෙන්නේ ජනාධිපතිතුමා මුතු කුඩයක් යට සිට චෛත්‍යය වන්දනා කළ ආකාරයයි.


හමුදා සෙබලෙකු හිටපු LTTE සෙබළියක විවාහ කරගනී

ශ්‍රි ලංකා යුධ හමුදාවේ සෙබලෙකු විසින් පසුගියදා LTTE සංවිධානයේ හිටපු සෙබළියක විවාහ කරගත්තා.

ඔහු ගජබා රෙජිමේන්තුවේ සේවය කරන ඊ.එම්.ඩී.සඳරුවන් ය. මනාලිය 18 හැවිරිදි චන්ද්‍රසේකරන් ශාමිලා ය. ඇය ළමා සොල්දාදුවෙක් ලෙස LTTE සංවිධානයට බැඳී යුද්ධයට දායක වූ අතර පසුව පුනරුත්ථාපන කඳවුරකදී පුනරුත්ථාපනය ලැබුවා.

පසුගිය සිකුරාදා කිලිනොච්චියේ භාරතීපුරම්හි ශර්මිලාගේ නිවසේදී එම විවාහය සිදුවූ අතර ශාමිලාගේ පියා විසින් සඳරුවන්ගේ ගම වන ගල්ගමුවට කිහිපවතාවක් ගොස් ලබා ඇති අත්දැකීම් කිලිනොච්චි විද්‍යාලයේදී පැවති උත්සවයකදීද ප්‍රකාශ කර තිබෙනවා.

ජාතීන් අතර එකමුතු කම වර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක එක් අංගයක් ලෙසයි මෙම විවාහ උත්සවය පැවැත්වුනේ.

Sunday, January 29, 2012

අන්තර්ජාලයේ වෙබ් අඩවි ගැන නළු නිළියන් කියන කතා


අන්තරජාලයේ වෙබ් අඩවි ඔස්සේ නළු නිළියන්ගේ කීර්ති නාම වලට හානි කරමින් පුවත් පල කරන බවත්, ඇතැම් නළුවන්ගේ නම් නිළියන්ගේ නම් වලට පටබඳිමින් අභූත චෝදනා එල්ලකරන බවටත්, ඇතැම් නිලියන්ගේ ජායාරූප වෙනත් රූප වලට බද්ධ කර ඇති බවටත් චෝදනා කරමින් නළු නිළියන් කීපදෙනෙක් අද ලක්බිම පුවත්පතට අදහස් දක්වා තිබෙනවා. එම අදහස් පහතින්.

Saturday, January 28, 2012

ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා- පූජා

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟයි.

එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු "ආසයි මං පියාඹන්න", "යහළුවෝ" හා "සුවඳ දැනුනා ජීවිතේ" යන චිත්‍රපටවලටද සම්බන්ධ වුණා. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වුණා.

කුසපබා ච්ත්‍රපටයේ රඟ පෑ පූජා උමාශංකර් විවාහ වීමට ලංකාවේ අයෙක්ම හොයන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ඇය විසින් පවසා ඇත්තේ ලංකාවේ කෙනෙක් නම් හිඟන්නෙක් වුවද කමක් නැති බවයි.

ලංකාවට හඳුන්වාදුන් ස්මාර්ට් මීටර් ක්‍රමය

විදුලි පාරිභෝජනයේදී පාරිභෝගිකයටත් සේවාදායකයාටත් විශේෂ වාසි හා පහසුකම් ලබාගත හැකි ව්‍යාපෘතියක් ලෙස "ස්මාර්ට් විදුලි මීටරය" ක්‍රමය විදුලි හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා හඳුන්වා දුන්නා.

මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.

විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් පණිවුඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට පහසුකම් තිබෙනවා. තවද අවශ්‍ය නම් විදුලි ආයතන හරහා ස්මාර්ට් මීටරයට විධානයක් ලබාදී විදුලිය විසන්ධි කිරීමටද පුළුවන.


ස්මාර්ට් මීටරය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි

වරුණ මධුශංකගේ විවාහ ලියාපදිංචිය

සිරස සුපර් ස්ටාර් මුල්ම තරඟයේ අවසන් 12 දෙනා අතරට පැමිණි තරඟ කරුවෙක් වන්නේ වරුණ මධුශංකයි. අජිත් බණ්ඩාර පළමු තැනට පත්වෙද්දී, ශිහාන් මිහිරංග 5 වෙනි තැනට පත්වෙද්දී වරුණ මධුශංකට හිමි වුනේ 8 වෙනි ස්ථනයයි.

ඔහුගේ විවාහය ලියාපදිංචි කිරීම පසුගියදා සිදු වුණා.

එම උත්සවයේ ජායාරූප පහතින්
බලන්න

Friday, January 27, 2012

SECහි නව අධ්‍යක්ෂක ධුරයට දේශපාලන බලපෑම්

සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අධ්‍යක්‍ෂක ජනරාල් ධූරයට නම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒවාගෙන් දැනට හර්ෂ ෆර්නෑන්දු හා නිශාන් සුමණධීර යන අයගේ නම් තෝරාගෙන ඇත. 

මෙහි හර්ෂ ෆර්නෑන්දු යන මොහු නීතිවේදියෙකු පමණක් වන අතර කොටස් වෙළඳ පල ගැන කිසිඳු ආකාරයක පළපුරුද්දක් නැති අයෙකි. නිශාන් සුමණධීර නීතීඥයෙකු , බැංකු කරුවෙකු , තැරුව්කාර සමාගම් දෙකක සභාපති ධූරය හෙබවූ අයෙකි.