Saturday, January 19, 2013

ගොසිප්9 නව

ගොසිප් 9 ගුගල් ගත කිරීම සඳහා කරනු ලබන තාවකාලික පරීක්ෂණයකි

Friday, December 28, 2012

කැමරාවේ සටහන්වූ චීනයේ සුපිරි වෙළඳසැලකා මින්මැදුර පුපුරායාම
චිනයේ දෙවන විශාලතම නගරයේ පිහිටි ෂැංහායි ඔරියන්ට් වෙළඳසංකීර්නයේ වූ විශාල මින්මැදුරක වූදුරුවක් පුපුරා ගොස් තිබුණා.

එම නිසා ජලය සමඟ එළියට ආ මසුන් අතර මෝරුන් 3 දෙනෙකුද සිටියා.

අනතුරින් 16 දෙනෙකු පමන තුවාල ලබා තිබූ අතර එහි වූ වුදුරුව බාල වර්ගයේ එකක් නිසා මෙම අනතුර සිදුවූ බවටයි විශ්වාස කරන්නේ.

ටැංකිය පුපුරා ගිය වීඩියෝව පහතින්.



ලෝකයේ මේ ආකාරයේ විශාලතම මින්මැදුර පිහිටා නයේයතිබෙන්නේ ලෝකයේ විශාලතම සුපිරි වෙලඳ සංකීර්නය වූ ඩුබායි හි පිහිටි ඩුබායි මෝල් වෙලඳ සංකීර්නයේය.

ඩුබායි මෝල් මින්මැදුරේ ප්‍රමාණය මීටර් 51x20x11 වන අතර වීදුරුවේ දිග මීටර් 33x8 ප්‍රමානයේ වීදුරුඅකින්ද යුක්තය.

ජලජ ජීවීන් 33,000ක් වෙසෙන එහි මෝරුන් 400ක් ද සිටින අතර ඕනෑම අයෙකුට මුදල් ගෙවා එහි වෙන් කල කොටස් වල කිමිදීමටද හැකිය.

එහි ජායාරූප කිහිපයක් පහතින්

        Gossip9.com

වසර දහස් ගණනකට පෙර නියං කාලයේ ගොඩබිම වැවූ "ස්වයංජාත" වී

ලංකාව යනු නිතර වෙනස්වන කාලගුණික තත්ත්වයන් සහිත රටක් වන නිසා දිගු නියං කාලයන් වලදී වගාවන්ගෙන් අස්වනු ලබාගැනීම දුෂ්කරය.

නමුත් වසර දහස් ගානකට පෙර භාවිතා වූ "ස්වයංජාත" ලෙස හඳුන්වන වී වර්ගයෙන් වියලි නියං තත්ත්වයකදී වුවද අස්වනු ලබාගත හැකිය.

මෙම වී විශේෂය වගා කිරීමට කුඹුරක්ම අවශ්‍යය නොවේ. ගොඩබිමක හෝ වගා කළ හැක.


නියං සමයක අවම ජල පරිභෝජනයෙන් ආහාර නිෂ්පාදනය කළ හැක්කේ කෙසේද? යන්න පිළිබඳව හම්බන්තොට, අනුරාධපුරය, තන්තිරිමලේ ප‍්‍රදේශයන් ආශි‍්‍රතව සිදුකළ පර්යේෂණයක දී ශී‍්‍ර ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්වූ ආචාර්ය පි‍්‍රයන්ත යාපා මහතාට තන්තිරිමලේ ප්‍රදේශයේදී කාන්තාවක් විසින් වී ඇට 24 ක් ලබාදී තිබේ.

එම කාන්තාවට වැඩිහිටි ගොවියෙක්ගෙන් පුරාවිද්‍යා කැණීමකදී එම ධාන්‍ය ඇට ලැබී තිබුණු බව පැවසුනද ගොවීන් විසින් කරන පුරාවිද්‍යා කැනීමක් නොමැති නිසා ඒවා නිධානයකින් ලබාගත් ඒවා විය හැකිය.

ගොයම් ගස අඩි 10ක් පමණ උසට වැඩෙන "ස්වයංජාත" නමින් හඳුවන මෙම වී වර්ගය දැනට ලංකාවේ පවතින්නේ ප‍්‍රදේශ තුනක පමණක් වන අතර එම ප‍්‍රදේශවල පවතින වියළි දේශගුණික තත්ත්වය අනුව වැඩෙමින් උස තීරණය වේ.

ඉදල් ඉරිඟු ශාඛයක ස්වභාවය ගන්නා මෙම වී විශේෂය ඉදල් ඉරිඟු ගසක් මෙන් තනි ගසක් නොව පඳුරකි. පත‍්‍ර ඉරිඟු කොළයක හැඩය ගන්නා නමුදු එතරම් පළල් නොවන අතර සිහින් දිගැටිය. අනෙක් විශේෂත්වය නම් සාමාන්‍ය ගොයම් ගසකට වඩා මෙය අඩි 09 ක් තරම් උසට වැඩේ

ඒ අනුව කෑගල්ලේ අඩි 09ක්ද, බෙලිහුල්ඔය දී එය අඩි 09ක්ද, කොළඹගෙආරේ දී අඩි07ක්ද උසකින් ඒවා වැඩේ. මේ පිළිබඳව ආචාර්ය පි‍්‍රයන්ත යාපා මහතා පවසන්නේ මෙවැන්නක්.

"මා තන්තිරිමලේල හම්බන්තොට ආශි‍්‍රත ප‍්‍රදේශයේ පර්යේෂණ කටයුත්තක නියැලූනා. ඒ ඉතා දැඩි නියඟ කාලයක්. බොන්නවත් වතුර නැති කාලෙක වගා කළ හැකි බවභෝග මොනවාද යන්න ගැනයි පර්යේෂණය සිදු කළේ. එහෙම වැඩ කරද්දී එක් කාන්තාවක් මට ඉපැරැණි වී ඇට කීපයක් ගෙනැවිත් දුන්නා.

ඇයට වැඩිහිටි ගොවියෙක්ගෙන් පුරාවිද්‍යා කැණීමකදී ඒවා ලැබී තිබුණු බවයි කීවේ. ඒ ගැන ලිඛිත සාක්ෂි තිබුණෙත් නැහැ. මා අන්තර්ජාලයෙන් සොයා බැලූවත් කිසිම තොරතුරක් ලබා ගැනිමට හැකි වුණේ නැහැ. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව හැදෑරූ ගුණතිලක නම් මහත්මයෙක්ගෙන් මේ ගැන මා විමසීම් කළා. ඔහු පැවසුවා පුරාවිද්‍යා කැණීම්වලින් මෙවැනි ධාන්‍ය හමුවු බව.

සබරගමුව විශ්ව විද්‍යාලයට පැමිණි ආචාර්ය ශිරාන් දැරනියගල මහතා සමග දිනක් මට කතා කරන්නට ලැබුණා. එහි දී ඔහු කීවා හෝටන්තැන්නේ කැණීම්වලදී අවුරුදු දහස් ගණනක් පැරැණි හමුවූ බව. මේ වී විශේෂය තියෙන්නේ රාජාංගණයේ හා තන්තිරිමලේ පමණයි.

වී ඇට 24 ක් කියන්නේ පර්යේෂණයකට ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් නොවෙයි. සීමිත ඇට ප‍්‍රමාණයකින් එවැනි පර්යේෂණ කළ නොහැකියි. එම බීජ කෑගල්ලල බෙලිහුල්ඔය හා කොළඹගෙආර ප‍්‍රදේශවල පැළ කිරීමට කටයුතු කළා. එහෙම කිරීමට හේතු වුණේ එක පළාතක අසාර්ථක වුණොත් කියන බය නිසයි.

ඒත් පුදුමයි. එක ඇටයක් හැරෙන්නට අන් සියලූ ඇට පැළ වෙලා තිබුණා. බොහෝ බීජවල උපරිම ප‍්‍රරෝහණය පවතින්නේ 80%ක් පමණයි. සමහර බීජවල 10% ක් විය හැකියි. ඒත් මෙම වී විශේෂය ඉතා ඉහළ ම ප‍්‍රරෝහණයක් පෙන්නුම් කළා. මෙම විශේෂයට ඉහළ දැරීමේ හැකියාවක් තියන බව ඔප්පු වුණා. මෙහි විශේෂත්වය නම් නියඟයට ඔරොත්තු දීමයි.

කිසිම රසායනික පොහොරක් මෙම වී පඳුරට එක්කොට නැහැ. ඒ වගේම කිසිම රසායනික පළිබෝධ නාශකයක් යොදා නැහැ. එළු පොහොර ටිකක් පමණක් එක්කළා. කෘමි හානි ශාඛයට තිබුණේ නැහැ. සාමාන්‍ය ගොයමට මැක්කන්ගෙන් දැඩි හානි තිබුණත් මෙම විශේෂයට එවැනි බලපෑමක් තිබුණේ නැහැ.

පත‍්‍රවලට සුලූ බලපෑමක් තිබුණා මැක්කන්ගෙන්. ඒත් එය ශාඛයට දැනෙන තරම් හානියක් නෑ. ඊට ගඳපාන, කොහොඹ හා කළුවැල් කොල ඉස්ම එක් කළා. නිරෝගීකමින් ද ඉතා ඉහළ මට්ටමේ වී ප‍්‍රභේදයක්.

වී ඇට අත්ලට ගෙන පිරිමැද්ද විට පොත්ත ඉතා පහසුවෙන් ඉවත් වීමත් මෙහි විශේෂ ලක්ෂණයක්. පොත්ත තද හා කෙටීමට වෙහෙස ගත යුතු නැත. එමෙන්ම රක්ත වර්ණ මා වී විශේෂයක් වන අතර බීජ සිටුවා අස්වැන්න නෙලීමට මාස 06 ක් ගතවේ."

ප‍්‍රදේශ තුනක සිටුවා ඇති මෙම වී විශේෂය එම ප‍්‍රදේශවල පවතින වියළි දේශගුණික තත්ත්වය අනුව වැඩෙමින් උස තීරණයවේ. කෑගල්ලේ අඩි 09 කට වැඩි උසකින්දල බෙලිහුල්ඔය දී එය අඩි 09ට ආසන්න උසකින්දල කොළඹගෙආරේ දී අඩි07ට ආසන්න උසකින් මෙම වී ගස් වැඩී තිබේ

තන්තිරිමලේ ගොවියන් මෙම වී ප‍්‍රභේදය හඳුන්වා ඇත්තේ 'ස්වයංජාත’ යන නමින් වන අතර ඉන් අදහස් වන්නේ ඉබේ ජනිතවු වැනි අදහසකි.

ආදි කාලේ අපේ රටේ දැන් වගේ පිටරටින් ආහාර ගෙන්වූයේ නැහැ. ස්වාභාවික විපතකදීල අසාමාන්‍ය නියඟයකදී ආහාර නිපදවා ගන්න තිබුණ ආරක්ෂිත ක‍්‍රමයක් කියලයි මට හිතෙන්නේ. ආරක්ෂාකාරීව තැන්පත් කළේ නම් අවුරුදු දහස් ගණනකට පසු වුවද එම බීජ පැළ වීම සිදුවෙනවා.

අනෙක මේ දේත් කිව යුතුයි. ලංකාවට පැහැදිලිවම නියඟය කියන එක එන්න එන්නම වැඩිවෙනවා. ගිය වසරට වඩා මේ වසරේ නියං සමය දිගයි. මේ ආකාරයෙන් දේශගුණික තත්ත්වයන් වෙනස් වෙනවා. එනිසා නියං සමයට ඔරොත්තු දෙන බෝග වගා කිරීමට සිදුවන කාලයක් ඉදිරියට එනවා.
"


Thursday, December 27, 2012

හුලං නොබසින ටයරයක් යක්කලමුල්ලේ තරුණයකුගෙන්

හුලං පුරවන ලද කුඩා රබර් බෝල උපයෝගි කර ගනිමින් තියුණු තුඩු සහිත ඕනෑම මතුපිටක් උඩින් ටයරය ධාවනය කළ හැකි ක‍්‍රමවේදයක් සොයාගැනීමට යක්කලමුල්ල කොට්ටව ප‍්‍රදේශයේ තරුණයකු සමත්වී තිබෙනවා.

විදුලි කාර්මිකයකු වන එම ඔහුගේ මෙම ක්‍රමය අනුව බයිසිකල් ටයරයක ටියුබය වෙනුවට ටියුබය ඉවත් කොට හුලං ගසන කරාමය තුළින් මෙම සිහින්ව සකසන ලද සුළං පුරවන ලද කුඩා රබර් බෝල ඇතුළත් කරයි.


ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකි මෙම ටියුබ් වෙනුවට සකසන ලද රබර් බෝල එම වාහනයේ ප්‍රමාණය අනුව මෙම රබර් බෝල පීඩනයට ඔරොත්තු දෙන නිසා ටයරයට හෝ රබර් බෝලවලට හානියක් සිදුවෙන්නේ නැත.

ඒ අනුව බස් කාර් ලොරි ආදි වහනවලටද යතුරු පැදි පාපැදි ආදි ඕනැම වාහනයකට මෙම ක‍්‍රමය මගින් ටියුබ් රහිතව හුලං වෙනුවට හුලං පුරවන ලද මෙම රබර් බෝල උපයෝගි කර ගෙන ටයරය ධාවනය සඳහා යෙදවිය හැකි බවයි ඔහු පවසන්නේ.

මෙම ටයරයේ රිම් එකේ ඇති හුලං ටයරයට ඇතුළු කරන ස්ථානයෙන් මෙම තෙල් ස්වල්පයක්ද යොදා මෙම හුලං පුරවන ලද රබර් බෝල ඇතුළත් කිරීම සිදු කරන බව හෙතෙම කියයි.

-සම්බන්ධිත පුවත්-
සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරුණයෙක්
මැදවච්චියේ විද්‍යා ගුරුවරයෙකුගෙන් ඉන්ධන නැතුව ධාවනය වන මෝටර් රථ සැලසුමක්

ප්‍රශ්න පත්‍ර පිටවීමට විභාග කොමසාරිස් වගකියන්න ඕනේ. මම අස්වෙන්නේ නෑ- බන්ධුල

මම පූස් පැටියෙක් වගේ අහිංසකයි

පසුගිය කාලයේ විභාග ප්‍රශ්න පත්‍රවල දෝශ හා Z-ස්කෝර් ගැටළුව නිසා අධ්‍යාපන ඇමතිවරයා පවසා තිබුනේ තමන් ඉල්ලා අස් නොවන බවයි.

පසුගියදා සාමන්‍ය පෙළ ප්‍රශ්නපත්‍රයක් පිටවී තිබීම නිසා නැවත වතාවක් එවැනි වාතාවරණයක් ඇතිවූ අතර බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගියදා පවසා තිබුනේ ප්‍රශ්න පත්තර හැදුවේ තමා නොවන නිසා ඒකට විභාග කොමසාරිස්වරයා වගකිවයුතු බවත් තමා පූස් පැටියෙක් වගේ අහිංසක නිසා ඉල්ලා අස් නොවන බවත්ය.


"ප්‍රතිපල වැරදියි අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ කියනවා. මම පූස් පැටියෙක් වගේ අහිංසකයි. ප්‍රශ්න පත්තර හදලත් නෑ. විභාග කොමසාරිස් කෙනෙක් ඉන්නවා. එතුමා ඒකට වගකියන්න ඕනේ."

එම වීඩියෝව පහතින්.



මීට පෙර බාල ඉන්ධන ලංකාවට ගෙන්වීම නිසා රජයේ ආයතන වලට වූ පාඩුව කෝටි ගණනක් වන අතර ජනතාවටද ලක්ෂ ගණන් පාඩු විඳීමට සිදුවුණා.

ලංගම සහ දුම්රිය සේවාවන්ගෙන් පමණක් වූ පඩුව රුපියල් ලක්ෂ 780 කට වැඩිවූ අවස්ථාවක ඛනිජ තෙල් අමාත්‍යවරයා වූ සුසිල් ප්‍රේමජයන්ත ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ මේ හේතුව නිසා ඉල්ලා අස්වෙනවාද යන්නයි.

එවිට ඔහුද පවසා තිබුනේ ඉන්ධන ගෙන්වූයේ නිළධාරීන් මිස තමා නොවන නිසා ඉල්ලා අස් නොවන බවයි.

-සම්බන්ධිත පුවත්-
අධ්‍යාපන ඇමති ගෙදර පල කිව්වට මම යන්නේ නෑ
බාල ඉන්ධන නිසා දැනට පාඩුව ලක්ෂ 780යි

අවසන් ගමන් එකට ගිය මිතුරන් සිව් දෙනා


පසුගිය 22වන සෙනසුරාදා දින තිස්ස වැවේ සිදුවූ අවාසනාවන්ත බෝට්ටු අනතුරින් මෙලොව හැරගිය හත් දෙනා අතුරින් සිවු දෙනෙක්ම ඉංගිරිය, ශාන්ත පීතර ජනපදයේ පදිංචි අය වන අතර, ඔවුන්ගේ අවසන් කටයුතු අඟහරුවාදා(25) සවස ඉංගිරිය, ශාන්ත පීතර ජනපදයේ පොදු සුසාන භූමියේදී, සමූහ මිනී වළක භූමිදාන කෙරුණේ සමස්ත ශාන්ත පීතර ජනපදයම සෝ සයුරක ගිල්වමිනි. 

මෙලෙස එකට එක්ව අවසන් ගමන් ගිය ශ්‍රියන්ත පීරිස් (32), සිරිදරන් මුතුකුමාර (18), රසික චන්ද්‍රලාල් (26) සහ කේ.පී. අසේල නිරෝෂන් (20) යන සිවු දෙනාගෙන් දෙදෙනෙක් බෞද්ධයින් වන අතර, අනෙක් දෙදෙනා දමිළ ජාතිකයින් වෙති. 


ශාන්ත පීතර ජනපදයේ ප්‍රජා ශාලාවේ එක පේළියට තැන්පත් කර තිබුණු ඔවුන්ගේ දේහයන් හතරේ අවසන් කටයුතු බෞද්ධ - හින්දු කිසිදු ආගම් භේදයකින් තොරව බෞද්ධ චාරිත්‍රානුකූලව සිදු කෙරුණේ සියල්ලන්ටම විශාල ආදර්ශයක්ද ලබා දෙමිනි.

අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලා විසි දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් මෙම අවසන් කටයුතු සිදු කෙරුණු අතර හඳපාන්ගොඩ ගණේ විහාරාධිකාරී බටුගම්පළ චන්ද්‍රසිරි හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලා රැසක්ම මෙහිදී අනුශාසනා පවත්වන්නට යෙදුණු අතර, මියගිය අයගේ පවුල් සියල්ලේම ඥාති හිතමිතුරන් සියල්ල එකට එක්වී ආගමික වතාවත් වලට සහභාගි වන ලදී.


මියගිය සිවු දෙනාගේ රාජකාරි ස්ථානයේ නිලධාරී මහතුන්ද මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගි වී සිටි අතර, ප්‍රදේශවාසීන් දහසකට අධික සංඛාවකගෙන් අතුරු සිදුරු නොමැතිව ශාන්ත පීතර ජනපදයේ ප්‍රජා ශාලා භූමිය පිරී ඉතිරී ගොස් තිබුණි.

කුඩා කාලයේ එක්ව කෙළිදෙළෙන් ගතකර, පසුව ජීවිතයේ භාරදූර වගකීම් සියතට ගැනීමෙන් පසුව එක්ව රාජකාරි කළ මේ අපූරු මිතුරන් සිවු දෙනා අවසානයේ එකම මිනී වළක, එකිනෙකාට ළංව, සදහටම නිහඩව සැතපුණු අතර, ඔවුන්ගේ සිරුරු සැතපුණු පෙට්ටි මතට ඥාතීන්ගේ අතින් දමනු ලැබූ පස් පිඩවල් මෙන්ම නෙතින් වැටුණූ කදුළුද එකතු වනු අපට පැහැදිලිව දැකගත හැකිවිය.

තරුණ වියේ නාහෙට නාහන කමට හෝ වේවා, කොලූ වයසේ දඩබ්බරකමට හෝ වේවා, එසේත් නැත්නම් වෙන කුමන හෝ හේතුවකට හෝ වේවා, ඔවුන් ගිය භයානක ගමනේ විපාක වලට ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවුණේ තමන්ගේ ජීවිත වලින් වීම කණගාටුවට කරුණක් වුවත්, මෙම සිදුවීමෙන් අනෙක් තරුණ පිරිස් වලට ඉගෙන ගන්නවා නම් ඉගෙනීමට විශාල පාඩමක් ඇති බව අවසාන වශයෙන් සඳහන් කිරීම වටී.

ඡායාරූප බලන්න පහතින් 

මියගිය ශ්‍රියන්ත පීරිස්

 සිරිදරන් මුතුකුමාර (18)

 රසික චන්ද්‍රලාල් (26)

 කේ.පී. අසේල නිරෝෂන් (20)
 
 ආගමික වතාවත් සිදු කෙරෙමින්

මියගිය අයගේ දේහයන් එකම ස්ථානයක තැන්පත් කර තිබුණු ආකාරය

මියගිය සිවුදෙනා එකම ස්ථානයක තැන්පත් කළ අයුරු


ඥාති හිතමිතුරන්ගේ කරපිටින් දේහයන් සුසාන භූමිය වෙත රැගෙන යද්දී.

මියගිය සිවු දෙනා වෙනුවෙන් ගම්මානයට පිවිසෙන ස්ථානයේ ඉදිකර තිබුණු තොරණ

ජායාරුප හා වාර්තාව : නිමාලි කහවල